Saturday, January 14, 2017

Bitcoin සිංහලෙන් ( උපුටාගැනිම තිරසාර අඩවියෙනි )

Bitcoins තමයි Crypto-Currencies අතරින් ජනප්‍රියම. BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.
Bitcoin කියන නම කෙටි කරලා තමයි BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ. මේ Bitcoins පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් සාමාජිකයාටයි.
Bitcoins මුලින්ම සංකල්පයක් විදිහට හදුන්වලා දුන්නේ 2008 දී Satoshi Nakamoto විසින්. ඒ නිසාම ඔහුගේ නමින් BTC උප ඒකකයක් හදුන්වලා දීලා තියෙනවා. ඒ Satoshi (1 Satoshi = 0.00000001 BTC)
Satoshi හදුන්වලා දුන්න Open Source Software පද්ධතිය අද වෙනකොට විවිධ පුද්ගලයන් ගොඩක් වැඩි දියුණු කරලා තියෙනවා. මේ ගැන තව ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ නම් මේ සබැඳි ඔස්සේ යන්න…

BitCoin උප ඒකක
BitCoin එකක වටිනාකම මේ මොහොතේදී $616 ක් විතර වෙනවා. රුපියල් වලින් නම් හැට දාහකට වැඩියි. මේ අගයන් ටිකක් විශාල නිසා උප ඒකක හඳුන්වා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
මීට වඩා නම් BitCoin කියන්නේ මොනවාද කියන එක විස්තර කර කර ඉන්න යන්නේ නැහැ. අපි වැදගත්ම කාරණේට යමු.

ඇයි මම BitCoin ගැන කතා කරන්න ගත්තේ?

ඇත්තම කිව්වොත් ඔයාලා ගොඩක් දෙනෙකුට වගේම මටත් ඒ දවස් වල BitCoins ගැන හරි අවබෝධයක් තිබුනේ නැහැ. 2010 දී විතර මේ ගැන අහලා තිබ්බට මේ මොකද්ද, මේක කොච්චර ප්‍රබල සංකල්පයක් ද කියන එක මට තේරිලා තිබ්බේ නැහැ. 2013 දී ඩොලර් එකසිය ගානකට වැඩියෙන් Trade වෙද්දීත් මේ ගැන අවධානයක් යෙදුවේ නැහැ. පස්සේ $1163 ටම ගියා නේ. $10 ට විතර තියෙන කොට එකක් හරි අරන් තිබ්බ නම් කොහොමද? 🙂
පස්සේ කාලෙක… ටිකක් සීන් එකට බැහැලාම මේ ගැන හොයද්දී තමයි මටත් තේරුණේ Digital Currencies කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් කියන එක. මම කියන්නේ BitCoin ගැන විතරක් නෙවෙයි තව ගොඩක් කාසි වර්ග ගැන.
මේ Chart එක බලන්නකෝ. 

Technical Chart Patterns ගැන දන්න අයට මේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නැහැනේ. මම හිතන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී BitCoin වල වටිනාකම $600 ට වැඩි වෙයි කියලා.
ඒ නිසා තමයි මේ වෙලාවේදී BitCoin වැදගත් වෙන්නේ.

BitCoin වලට බහිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද?

Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.

CoinBase

හැමෝම පිළිගන්න Wallet එක තමයි CoinBase. මේක Paypal වගේම තමයි. Security පැත්තත් ගොඩක් හොඳයි. මේකේ තියෙන එකම අවාසිය තමයි BitCoin හැර අනිත් Coin වර්ග වලට Support නොකිරීම.

CoinPayments

මම මුලින්ම කිව්වා නේ BitCoin විතරක් නෙවෙයි අපි අනිත් කාසි වර්ග ගැනත් කතා කරනවා කියලා. BitCoin හැර අනික් Coins වලින් ගනුදෙනු කරන්න නම් අපිට CoinPayments Wallet එකකුත් තියෙන එක වටිනවා.
ඒ වගේම මේ Account එකක් තියෙනවා නම් බොහොම පහසුවෙන් RevShare ව්‍යාපාර වල නිරත වෙන්නත් පුළුවන්.

ලංකාවේ අපි BitCoins මිලදී ගන්නේ කොහොමද?

  1. ඔබේ Credit/Debit Card එකෙන් සෘජුවම Bitcoins මිලදී ගන්නවා නම්BitOk.com හරි cex.io වගේ සේවාවක් හරි පාවිච්චි කරන්න පුළුවන්.
  2. දැනටමත් RevShare ව්‍යාපාර වල නිරත වෙන අයට නම් (කුමක් හෝ ක්‍රමයකින් Payza එකට සල්ලි එන අයටත් මේක කරන්න පුළුවන්) බොහොම පහසුවෙන් BitCoins මිලදී ගන්න පුළුවන් Payza පාවිච්චි කරලා.
    ඔයාට කරන්න තියෙන්නේ Payza වල Withdraw Tab එකට ගිහින් Withdrawal Method එක විදිහට BitCoin තෝරලා  ඔයාගේ CoinBase / CoinPayments BitCoin Wallet Address එක ලබා දෙන එක විතරයි.^ මේ දිග Code එක හරියට දෙන්න. නැත්තං ඉතිං සල්ලි අපරාදේ. සාමාන්‍යයෙන් දවස් 1 සිට 7 ක් ඇතුළත අපි දුන්න BitCoin Address එකට සල්ලි එනවා.
  3. මේ ක්‍රම දෙකම හරියන්නේ නැතිනම් ඉතින් Exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි අන්තිම විකල්පය.

අපේ BitCoins ආපහු ඩොලර් කරගන්නේ කොහොමද?

ඒකටත් Payza ම තමයි. ඕනේ නම් STP පාවිච්චි කරන්නත් පුළුවන්. Payza වල Add Funds ගිහින් BitCoins තෝරන්න. Payza එකෙන් දෙන BitCoin Address එකට ඔයාගේ Coinbase / CoinPayments BitCoin Wallet එකෙන් සල්ලි යවන්න. දවස් කීපයකින් ඩොලර් වලින් එකතු වෙලා තියෙයි Payza හෝ STP Balance එකට. 🙂

මම පාවිච්චි කරන Crypto-Currency Exchanger

Neteller වලින් Payza වලට මුදල් හුවමාරු කරන්න MEX එක පාවිච්චි කරනවා වගේ මම මේ එක එක කාසි වර්ග Exchange කරන්න පාවිච්චි කරන්නේ Changer.com එක. සාපේක්ෂව ගොඩක් අඩු මුදලකට ක්ෂණිකව Transactions කරන්න පුළුවන්.